වනාතවිල්ලුව මද්‍රසා පාසලක් තුළ සහරාන් වැඩමුළු සහ පුහුණවීම් සිදු කරලා?

වනාතවිල්ලුව කාර්තිවු ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් වැඩමුළු සහ පුහුණවීම් සිදු කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

මෙම කොමිසම හමුවේ අද (31)  සාක්ෂි ලබාදුන් විමර්ශන නිලධාරී ශ්‍රීමාල් සජීව සම්පත් මහතා මේ බව හෙළි කළා. ඔහු තවදුරටත් කියා සිටියේ වනාතවිල්ලුව මද්‍රසා පාසලෙහි පිරිමි ළමයින් 36දෙනෙකු ඉගෙනුම ලබා ඇති බවයි.

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඔහුගේ සොහොයුරු රිල්වාන්, ෂ්‍රැංග්‍රිලා ප්‍රහාරක ඉල්හාම් ඇතුළු  පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් සියලුදෙනා පාහේ මෙම පාසලට පැමිණ අන්තවාදී දේශන සහ වැඩමුළු පවත්වා තිබෙනවා.

රිල්වාන්ගේ බිරිඳ වූ මහවිල උද්‍යානයේ නිවසක දී බෝම්බ පුපුරවාගත් ෆාතිමා ජෙෆ්රි කටුවාපිටිය ප්‍රහාරකයාගේ බිරිඳ සාරා සහ මොහොමඩ් නවුෆර් යන අය ද එසේ පැමිණි අය අතර වන බවයි විමර්ශන නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළේ.

Leave A Reply

Your email address will not be published.