අභියෝග එල්ල වුවත් ගොවි නිෂ්පාදන ආනයනය තහනම් කළ තීරණය ආපසු හරවන්නේ නෑ – ජනපති

කෙටි කාලීන අපහසුතාවන්ට පත් වුව ද ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මිල පාලනයට හෝ පහත හෙළීමට, කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළ හොත්, කිසිඳු දිනෙක අපේක්ෂිත අරමුණට ලඟා විය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන්, ලසන්ත අලගියවන්න, අරුන්දික ප‍්‍රනාන්දු, ශශේන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave A Reply

Your email address will not be published.