බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන පූසෙකු බන්ධනාගාර නිලධාරීන් හමුවී තිබේ.

බන්ධනාගාරය ඉදිරිපිටදී ගෙලෙහි යමක් ගැට ගසා ඇති පූසෙක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ එම පාර්සලයේ හෙරොයින් ඇති බවටයි.

හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් දෙකක් එහි තිබී ඇති අතර අද මෙම පූසා නිලධාරීන්ට හමුවී තිබිණි.

එමෙන්ම දුරකතන සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් එහි තිබූ බව වාර්තා වේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා එම පූසා බොරැල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Leave A Reply

Your email address will not be published.