දැඩි බලාපොරොත්තු සහිතව අඟහරු වෙත ගිය යානය

අඟහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළා. ඒ, නව රෝවරයක් අඟහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්. ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අඟහරු මෙහෙයුම නම් කර තිබෙනවා.

රෝවරය අඟහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.

මාස 7ක ගමනකින් අනතුරුව එය අඟහරු වෙත ළඟා වනු ඇතැයි අපේක්‍ෂිතයි. සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අඟහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අඟහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අඟහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි.

Leave A Reply

Your email address will not be published.