රනිල්ගෙන් පස්සේ හොර බොරු නැති මට නායකත්වය ඕනෑ – දයා ගමගේ

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවක දී ම තාත්තෙක් වගේ පක්ෂය බලාගත්තේ තමන් බව ද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බව ද ඔහු පැවසීය.

කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවත් ඔහු කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස යැයි ද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.