මට හොඳ නරක කුමක්ද යන්න හොඳාකාරව වැටහෙනවා – සජිත්

විනිවිදභාවයකින් යුත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අඟුණුකොළපැලැස්සේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මැතිවරණයෙන් ජයගත් පසු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට රටේ සෑම ප්‍රදේශයක ම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඒවා විමර්ශනය කරන බව ය.

වසර 30ක අත්දැකීම් සහිතව හොඳ නරක කුමක්ද යන්න හොඳාකාරව තමාට වැටෙහෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.