ජෝර්දානයේ ශී‍්‍ර ලාංකිකයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාරයක්

රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසකට එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.

මෙම පිරිසට රැකියා අහිමි වී ඇත්තේ කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්. ඔවුන් ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ‍්‍රී ලාංකිකයන් 500ක පමණ පිරිසක්.

එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

එහිදී තමන්ට නිසි විසදුමක් නොලැබුණු බවට අදාළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් විරෝධය පළ කර ඇතැයි සඳහන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එම ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.