විනය කඩකළ ක්‍රීඩකයාට වසර දෙකක ක්‍රිකට් තහනමක්

බංග්ලාදේශ පළමු පෙල කි‍්‍රිකට් කී‍්‍රඩකයෙකු වන කසී ඉස්ලාම්ට එරට ක්‍රිකට් ආයතනය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් තිබෙනවා.

ඒ, ඔහු ජාතික කි‍්‍රකට් ලීගය අතරතුර දී තහනම් උත්තේජක ලබාගැනීමේ සිද්ධියකට වරදකරුවීම හේතුවෙන්.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට 2018 වසරේ නොවැම්බර් මාසයේ සිදුකෙරුණු පරීක්ෂණවලින් තහවුරු වුණා.

අනතුරුව වරද පිළිගත් ඔහුට 2019 පෙබරවාරි මාසයේ දී තාවකාලික තරග තහනමක් පැනවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

එම තහනම ආරම්භ වූ පෙබරවාරි 8 වනදා සිට වසර දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි බංග්ලාදේශ කි‍්‍රිකට් ආයතනය විසින් ඔහුට මෙලෙස තරග තහනමක් පනවා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.