කොවිඩ් වැලඳී තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ගැන පැහැදිලි කිරීමක්

කොරෝනා වෛරසය ආසාදිතව තවත් පුද්ගලයන් 669දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ගත වු පැය 24දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 6දෙනෙක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2,703දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023දෙනෙකු ම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 555ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිරෝධායනයට ලක්වෙමින් සිටින සේනපුර පුනරුත්ථාපන කදවුරේ රැදවියන් තිදෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් තිදෙනෙකු ද අලුතින් හදුනාගත් ආසාදිතයන් අතරට අයත්.

මේ අතර නාවික හමුදා පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ පස්දෙනෙකු පමණයි. නාවික හමුදා පොකුරෙන් ආසාදිතයන් 906දෙනෙකු වාර්තා වුණා.

Leave A Reply

Your email address will not be published.