vivo වෙතින් පහසු මිලට නවතම ස්මාර්ට් දුරකතන 2ක් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Y50 සුවිසල් බැටරි ධාරිතාවයකින් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සමන්විත අතර Y30 උසස් Gaming පහසුකම් සහ පසුපස කැමරා 4කින් සමන්විතය..

2020, ජුලි,16 කොළඹදීය – vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකතන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයන් සපුරාලනු ඇති අතර මෙම ස්මාර්ට් ජංගම දුරකතනවල නවතම උපාංග මගින් gaming පහසුකම් ඉතා උසස් මට්ටමකට ගෙනවිත් තිබේ.

vivo, සිය පාරිභෝගිකයන් වෙත සෑම විටම සැබෑම නව්‍යකරණ ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින සමාගමකි. Y50 සහ Y30 නවතම ස්මාර්ට් දුරකතන එම නව්‍යකරණ කැපවීම් වලට සාක්ෂි සපයන අතර එමඟින් සෑම තරාතිරමකම තරුණ වැඩිහිටි සියලුදෙනා වෙනුවෙන් ගැළපෙන ජංගම දුරකතන විසඳුම් ලබා දෙනු ලබයි. මෙම ස්මාර්ට් ජංගම දුරකතන දෙකම Y කාණ්ඩය යටතේ නිකුත් කර ඇති අතර තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් දිගු බැටරි ආයු කාලයක්, නවතම වීඩියෝ ක්‍රීඩා අත්දැකීම්, අද්විතීය ඡායාරූපකරණ විශේෂාංග සහිතව ආකර්ශනීය මිල ගණන් යටතේ ලබාගැනීමේ පහසුකම් සපයා ඇත.

vivo මොබයිල් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං  මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ “ශ්‍රී ලංකාව කියන්නේ vivo සඳහා වැදගත් වෙළෙඳපොළක්. විවිධාකාර වූ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ මිලදී ගැනීමේ හැකියාවන් සඳහා විවිධ මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වාදෙමින් V,S, සහ Y කාණ්ඩ යටතේ ස්මාර්ට් ජංගම දුරකතන සපයමින් අප දැනටමත් ශ්‍රී ලංකා වෙළඳපොල තුළ පාරිභෝගික ප්‍රසාදය දිනාගෙන තිබෙනවා. Y කාණ්ඩය යටතේ අපගේ නවතම හඳුන්වාදීම් වන Y50, සහ Y30 ස්මාර්ට් ජංගම දුරකතනවල battery ධාරිතාවේ හැකියාවන් සහ පසු පස ඇති නව්‍ය කැමරා විශේෂාංග අප විසින් නව්‍යකරණයන් කෙරෙහි දක්වන අවධානය පිළිබඳ විශ්වාසය නැවත තහවුරු කිරීමක් ලෙස හැඳින්විය හැකියි. එමඟින් පාරිභෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කරන අතර අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ඉහළ කාර්ය සාධනයක් සහතික කරනු ඇතැයි අප විශ්වාස කරනවා. එලෙසම අපගේ ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන් වෙත අඛණ්ඩව නව්‍යකරණයන් හා නවීනතම ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ අත්දැකීම් උරුමකර දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.‍ෙ

vivo Y50 සුවිසල් battery capacity සහ ප්‍රභල ක්‍රියාකාරිත්වය

2020 ජුලි 16 වන දින හඳුන්වදෙන ලද Y50 ස්මාර්ට් ජංගම දුරකතනය වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයන් කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය වී ඇත. ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකථනය නවීන පන්නයේ ආකර්ෂණීය පෙනුමක් සහිතව පිටුපස වීදුරුව දිදුලන දියමන්ති සහිත ත්‍රිමාණ මෝස්තරයකින් සමන්විතය.

Design සහ Display

vivo Y50 ස්මාර්ට් ජංගම දුරකතනය අඟල් 6.53 ක iView තිරයකින් සමන්විත වන අතර වීඩියෝ නැරඹීමට හෝ ක්‍රීඩා කිරීමට කැමති අයට වඩාත් සුදුසු වන ආකාරයේ 1080p resolution සහිතව, තනි ඉතා කුඩා  ප්‍රභල සෙල්ෆි කැමරාවක් ද සහිතව උසස් නැරඹුම් අත්දැකීම් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇත. ස්මාර්ට් ජංගම දුරකථනයේ 90.77% ප්‍රමාණයක් දක්වා Display විහිදෙන අතර ආකර්ෂණීය දර්ශන අනුපාතය 19:5:9 සහ FHD ¬ resolution 2340 x 1080ක හැකියාවකින් සමන්විතය.

මෙහි ඇති සියුම් 3D curves සහ  side pane වල සියුම් රේඛා මගින් ආකර්ශනීය පෙනුමක් ගෙන එයි. එසේම රේඩියල් ආලෝක රටා මගින් සහ අලංකාර Pearl White සහ Starry Black වර්ණයන් මගින් එහි කලාත්මකභාවය තවත් ඉහළ නංවා ඇත.

ක්‍රියාකාරිත්වය 

vivo Y50 ස්මාර්ට් ජංගම දුරකතනය ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත Snapdragon 665ප්‍රොසෙසරයකින් සහ 8GB RAM එකකින් යුතු අතර එහි දත්ත ගබඩා කිරීමේ හැකියාව 128GB දක්වා පුළුල් වේ. Multi-turbo 3’0 කර්මාන්තයේ පළමු VPG ^vivo Process  Guardian& තාක්ෂණික ක්‍රියාවලිය මඟින් මෙහි  ක්‍රියාකාරීත්වය සහ පද්ධතියේ කාර්යක්ෂමතා වේගය වැඩි දියුණු කරයි. උපරිම වේගවත්බවක් ලබා දීම සඳහා Center Turbo භාවිතා කර ඇති අතර AI Turbo මගින් බුද්ධිමත් විනිශ්චයන් විනිශ්චය කිරීම සඳහා බලය ලබා දෙයි. Y50 මගින් 3rd Party Apps හේතුවෙන් ඇති වන පද්ධති අසාමාන්‍යතා  සිදුවීමට පෙරම සොයාගනිමින් එම අසාමාන්‍යතා විසඳීම සමත්ය.

කැමරා

මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ quad rear camera තාක්ෂණය සමඟින් megapixel 13 ක ප්‍රධාන කැමරාව, අංශක 120 ක ක්ෂේත්‍ර දර්ශනයක් සහිත 8-megapixel wide-angle කැමරාව, 2-megapixel portrait shooter iy සහ 2-megapixel macro camera 4cm focal length විශේෂාංග ඇතුළත්ය. ඉදිරිපසින් punch-hole notc එක තුළ  f$2’0 aperture lens iys; megapixel 16 l leurdj msysgqjd ;sfí’

ලබාගත හැකි අකාරය

vivo Y50 ස්මාර්ට් දුරකතනය ශ්‍රී ලංකාව තුළ Pearl White සහ Starry Black වර්ණයන්ගෙන් රුපියල් 52,990.00 ක මිලකට ලබාගත හැකිය.

vivo Y30 3D Body Design සහ Reverse Charging හැකියාව

Y30 නවීනතම පෙනුමක් සහිත ත්‍රිමාණ මෝස්තර සහිතව Rear AI multi-scenario Quad cam iy 8MP Front face beauty selfie කැමරාවකින් යුතු අද්විතීය සැකසුමක් අනුව නිර්මාණය කර ඇත. එය බාධාවකින් තොරව විවිධ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි multitasking හැකියාවෙන් යුතුවන අතර අද්විතීය gaming පහසුකම් ලබාදෙයි. එසේම, ක්‍රීඩකයන් සහ ක්‍රීඩා ලෝලීන් සඳහා නිර්මාණය කර ඇති Y30 හි Jovi විශේෂාංගය මගින් ක්‍රිකට්, පාපන්දු හෝ පැසිපන්දු තරඟ පරිශීලකයන්ට තරග අවසන් ප්‍රතිඵල මෙන්ම ඉදිරි තරග තොරතුරුද ලබා දෙයි. Emerald Black” Dazzle Blue යන වර්ණයන්ගෙන් Y30 දුරකථනය ලබා ගැනීමේ හැකියාව ඇත.

දිගු කල් පවතින battery සහ ප්‍රබල ක්‍රියාකාරිත්වය

Y30 හි අද්වීතීය සුවිශේෂීත්වය වන්නේ 5000mAh battery capacity වන අතර එමගින් දවස පුරා අඛණ්ඩව ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කිරීමට හැකි ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ලබාදීම සහතික කරයි. එසේම Y30 ස්මාර්ට් ජංගම දුරකතනය MT6765l” 4GB RAM, එකක්, 64GB ROM සහ 128GB ROM යන ROM දෙකකින් සමන්විතය. ඒ මගින් බාධාවකින් තොරව ඕනෑම app එකක් භාවිත කිරීමට, සංගීතය, වීඩියෝ නැරබීමට මෙන්ම සහ වීඩියෝ ක්‍රීඩා ගබඩා කර ගනිමින් ආශ්වාදජනක අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී ඇත.

එක් වරක් බැටරි චාර්ජ් කිරීමෙන් පසු Y30 ස්මාර්ට් ජංගම දුරකතනය මගින් පැය 9 ක් අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කිරීමට හැකියාව ඇති අතර පැය 137’09 music play කිරීමේ හැකියාව පවතී. එසේම ජංගම දුරකථන සහ ස්මාර්ට් අත් ඔරලෝසු වැනි වෙනත් ඩිජිටල් උපාංග චාර්ජ් කිරීම සඳහා Y30 දුරකථනය මඟින් 5V$1A Reverse Charging පහසුකම් ලබා දීමේ හැකියාව ඇත.

ලබාගත හැකි අකාරය

vivo Y30 ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ රු. 35″990 ^4GB ¬ 64GB& සහ රු. 42,990 ^4G ¬ 128GB& මිල කට ලබාගත හැකිය.

vivo යනු

vivo යනු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන අතර එය ස්මාර්ට් උපාංග සහ බුද්ධිමය සේවාවන් සපයනු ලබයි. තාක්ෂණය හා විලාසිතා අද්විතීය හා නිර්මාණාත්මකව ඒකාබද්ධ කරනමින් ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය සහ සේවාවන් ලබා දීම මගින් පරිශීලකයින් ඩිජිටල් ලෝකයට සම්බන්ධ කිරීමට උදෙසා vivo කැපවී සිටී. “නවෝත්පාදනයන්”, “පාරිභෝගික දැක්ම” සහ “benfen – යහපත සඳහා තාක්ෂණය ගොඩනැගීම” ඇතුළු සමාගමේ මූලික ප්‍රතිපත්තීන්ට අනුකූලව, vivo ජාත්‍යන්තර ව්‍යවසායක් බවට පත්වීමේ සිය ප්‍රමුඛ සහ දිගුකාලීන අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීම සඳහා  තිරසාර සංවර්ධන උපාය මාර්ගයක් ක්‍රියාත්මක කර තිබේ.

vivo හි මූලස්ථානය චීනයේ පිහිටා ඇති අතර, Shenzhen” Dongguan” Nanjing” Beijing” Hangzhou” Shanghai” Taipei” Tokyo සහ San Diego හි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 9 ක් ඇත. මෙම මධ්‍යස්ථාන 5G ඇතුළු කෘතිම බුද්ධිය, කාර්මික සැලසුම්කරණය, ඡායාරූපකරණය සහ අනෙකුත් නැගී එන ක්ෂේත්‍ර. සඳහා අති නවීන පාරිභෝගික තාක්ෂණය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පුරා නිෂ්පාදන මුලස්ථාන පහක් vivo විසින් පිහිටුවා ඇති අතර චීනය සෑම වසරකම ස්මාර්ට් ෆෝන් මිලියන 200 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. 2019 වන විට ලොව පුරා මිලියන 350 කට අධික ක්‍රියාකාරී පරිශීලකයින් පිරිසක් ආකර්ෂණය කර ගනිමින් vivo රටවල් 30කට අධික සංඛ්‍යාවක් හරහා සිය විකුණුම් ජාලය සංවර්ධනය කර ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.