INSEE ගාල්ල කර්මාන්තශාලාව තම නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවයි

මෙරට ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට ගැනීම සඳහා පවතින දැඩි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන INSEE සිමෙන්ති, ගාල්ලේ ඉදිකළ තම නවතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් ඉහළ නංවමින් එහි නිෂ්පාදනය උපරිම මට්ටමට ගෙන ඒමට පියවර ගෙන තිබේ.

මෙරට සිමෙන්ති අවශ්‍යතාවය 100%ක්ම සපුරාලීමේ හැකියාව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් සතුවන අතර මෙසේ සිමෙන්ති නිෂ්පාදන කටයුත් ඉහළ නංවීම තුළින් ආයෝජකයින්ට ද සුබවාදී පණිවුඩයක් සන්නිවේදනය වන බව INSEE සමාගමේ අදහස වී තිබේ.

ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ දේශීය ආර්ථිකයට දැවැන්ත සහායක් ලබාදීමට මෙරට සිමෙන්ති නිෂ්පාදකයින් සමත්ව තිබේ. විශේෂයෙන්ම අගය එකතු කළ නිෂ්පාදන හරහා රැකියා අවස්ථා ජනනය කිරීම, අඛණ්ඩ පුහුණු වැඩසටහන් හරහා දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෘත්තිකයින්ගේ කුසලතා ඔප් නැංවීම, ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් සෑම පාර්ශ්වකරුවෙකු වෙත ම දැනුම පිරිනැමීම මෙන්ම දේශීය ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ සුබ සාධන ක්‍රියාකාරකම් සිදුකිරීම ආදිය හරහා මෙම දායකත්වය පිරිනමා තිබේ. විනිමය ස්ථාවර කරමින් ආර්ථිකය ආරක්ෂා කරගැනීම ද දේශීය සිමෙන්ති නිෂ්පාදනය හරහා ලැබෙන තවත් ප්‍රතිලාභයකි. කොවිඩ්-19 වසංගත තත්ත්වය ආරම්භ වීමත්, අනතුරුව ඇඳිරිනීතිය පැණවීමත් සමඟ සි‍මෙන්ති ලබාගැනීම මෙන්ම සැපයීම ද දුෂ්කර විය. නමුත් එම සීමා බාධක ඉවත් කිරිමත් සමඟ සිමෙන්ති නිෂ්පාදනය සහ සැපයුම යථා තත්ත්වයට පැමිණ තිබේ.

සියයට සියයක් ම දේශීය සිමෙන්ති නිපදවනINSEE සමාගම, ආනයනික සිමෙන්තිවල ප්‍රමිතියට වඩා උසස් ප්‍රමිතියෙන් යුත් සිමෙන්ති නිෂ්පාදන සැපයීමට ද සමත්ව ඇත. එමෙන්ම සාධාරණ මිල ගණන් යටතේ සිමෙන්ති නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමට ද පියවර ගෙන තිබේ. තව ද ඒ ඒ ඉදිකිරීම් ව්‍යාපෘතියට ගැලපෙන සිමෙන්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම ද INSEE සමාගමේ විශේෂත්වයකි. ඒ අනුව දිවයින පුරා විසිරුණු විවිධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා INSEE, සිය දායකත්වය ලබා දී ඇත.

ගාල්ල සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳ අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති- විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන යාන් කුනික් මහතා මෙසේ පැවසීය. “කොවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමේදී දේශීය ආර්ථිකයට අපෙන් ලැබෙන දායකත්වය අති විශාලයි. විශේෂයෙන්ම පුද්ගලික නිවාස ඉදිකිරීමේ පටන් කොන්ක්‍රීට් ව්‍යාපාර සහකරුවන් දක්වා වූ සියලු ඉදිකිරීම් අවශ්‍යතා සඳහා කාර්යක්ෂමව සිමෙන්ති සැපයීමේ හැකියාව අප සතු බව පෙන්නුම් කර තිබෙනවා. එය යම් පමණකින් හෝ අඩාල වුණේ වසංගත කාලසීමාව තුළ පමණයි. ඒ අපගේ සේවකයින්ගේත් සෙසු පාර්ශ්වකරුවන්ගේත් සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ අරමුණින්, රජයේ මාර්ගෝපදේශ අනුගනමනය කරමින් ඉතාම සීමිත සැපයුම් ප්‍රමාණයක් පමණක් සිදුකිරීමට අප ක්‍රියාකළ නිසායි”.

අගය එකතු කළ නිෂ්පාදනයක් වන INSEE සිමෙන්ති, එම හේතුව නිසාවෙන් ම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට පාත්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවේ සෑම නිවාස දෙකක් අතුරින් එකක් INSEE සංස්ථා සිමෙන්තිවලින් ඉදිකර ඇතැයි ද සාමාන්‍යයෙන් සැලකේ. තව ද, සාමාන්‍ය සහ කොන්ක්‍රීට් නිෂ්පාදන අංශයේ විශාල වෙළෙඳපොළ පංගුවක් හිමිකරගැනීමට INSEE මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති සමත්ව සිටී. වසර 30ක සාඩම්බර අතීතයකට උරුමකම් කියන INSEE සංස්ථා සහ INSEE මහවැලි මෙරීන් ප්ලස් ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම පිළිගැනීමක් ඇති සිමෙන්ති සන්නාම යුගලය ද වේ. විශේෂයෙන්ම INSEE සතු 8,000ක අලෙවි නියෝජිත ජාලය ද ඊට විශාල දායකත්වයක් සපයයි. එනම් බෙදාහරීම් ජාලය ක්‍රමෝපාය ගතව නිර්මාණය කර ඇත්තේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි වන අතර එමගින් රටේ සෑම තැනකටම INSEE සිමෙන්ති සැපයීමට අවස්ථාව උදා වී තිබේ.

පාරිභෝගිකයින්ට පහසුවෙන් නිෂ්පාදන ලබාගත හැකි වන අයුරින් සමාගමේ ව්‍යාප්තිය සිදුකිරීම, සෑමවිටම INSEE සමාගමේ ප්‍රධාන ප්‍රමුඛතාවක් විය. එහිදී අලෙවි නියෝජිතයින්, බෙදාහැරීම් නියෝජිතයින්, ව්‍යාපාර හවුල්කරුවන් මෙන්ම  පෙදරේරුවන්, තාක්ෂණික නිලධාරීන්, වාස්තු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ඇතුළු බලපෑම් සහගත වෘත්තිකයින්ගේ ද දායකත්වය තුළ ඉහළ පාරිභෝගික තෘප්තිමත් භාවයක් ළඟා කරගැනීමට හැකිව තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම දේශීය කර්මාන්තවලට සිය ආර්ථික ක්‍රියාකාරකම් ඇරඹීම සඳහා සහාය විය යුතු කාලය එළඹ තිබේ. ඉදිරි අනාගතයේදී ආර්ථික වාතාවරණය තවදුරටත් අභියෝගාත්මක වනු ඇතැයි සැලකේ. එවන් පසුබිමක INSEE සංස්ථා වැනි දේශීය නිෂ්පාදන මිලදී ගනිමින්, බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ආරක්ෂා කරදීමට, විනිමය ස්ථාවරත්වයක් පවත්වාගැනීමට මෙන්ම ඉහළ සේවා නියුක්තියක් සමඟ මේ මොහොතේ උපරිම ඵල නෙළාගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට අවස්ථාව සැලසීම කළ යුතුව තිබේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේදී දේශීය නිෂ්පාදකයින් පෙරමුණට ගැනීමේ ක්‍රමෝපායක් අනුගමනය කළ යුතුව පවතී. එසේ දේශීය කර්මාන්තකරුවන්ට අත දීම තුළින් අපගේ ජීවනෝපාය තහවුරු වී, පොදුවේ අනාගතය ආරක්ෂා කරගැනීමට මඟපාදනු නිසැක ය.

දේශීය කර්මාන්තකරුවන්ගේ තිරසර පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා වූ ක්‍රමෝපායික දැක්මක් හඳුන්වා දීමට පියවර ගත් වර්තමාන රජයට සිය ප්‍රණාමය පුද කිරීමට ද INSEE සිමෙන්ති සමාගම මෙය අවස්ථාවක් කරගනී. රජය ගත් මෙම සාධනීය පියවර තුළ නුදුරු අනාගතයේදී ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා විවෘත වනු ඇත. වෙසෙසින්ම ආනයන මත රැඳී නොසිට, අභ්‍යන්තරිකව සිය වටිනාකම් ජනනය කරගැනීමට යොමුවන රටක අනාගතය අනිවාර්යෙන්ම සුබවාදී වනු ඇත. රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙම දිශානතිය දිගුකාලීනව පවතිනු ඇතැයි දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ අපේක්ෂාව වී තිබේ.

Leave A Reply

Your email address will not be published.