බොලිවුඩ් තරු රැසක් කොවිඩ් අවදානමේ

අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ පන්දහස පසු කර තිබේ.

වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ ආසාදිතයන් ගණන නම ලක්ෂය ඉක්මවා ඇත.

තම ආසාදිත බිරිඳ අයිශ්වර්යා රායි සහ දියණිය ආරාධ්‍යා නිවසේ  දී ම ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්.

බච්චන් පවුලට සුවය පතා ඔවුන්ගේ රසිකයන් ආගමික වතාවත්වල නිරත විය.

ජනප්‍රිය බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ මව හා සහෝදරයාට ද කොවිඩ් ආසාදනයවී ඇති අතර අනුපම් කේර්ට වෛරසය ආසාදනයවී නැති බව වාර්තා වේ.

රංගන ශිල්පිනී රේඛාගේ ආරක්ෂක නිලධාරියෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග ඇගේ නිවසේ කොටසක් මුද්‍රා තබා තිබේ.

අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තිස් හතරලක්ෂ  හැත්තෑ නමදහස ඉක්මවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් අටදහසකට අධික ය.

බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට විසි ලක්ෂයට ආසන්න වී තිබේ.

එරට සිදුව ඇති මරණ ගණන හැත්තෑ දෙදහසකට අධිකය.

බ්‍රසීලය ආර්ථික අවපාතයකට පැමිණෙමින් ඇති බවත්, රැකියා මිලියන ගණනක් විනාශවී ඇති බවත් ජනාධිපති ජායිර් බොල්සොනාරෝ නිකුත් කළ ෆේස්බුක් පණිවුඩයක සඳහන් වේ.

අප්‍රිකානු කලාපයේ වැඩිම බලපෑමට ලක්වූ දකුණු අප්‍රිකාවේ පවතින තත්ත්වය මත එරට මත්පැන් අලෙවිය යළි තහනම් කිරීමට ජනාධිපති සිරිල් රම්පෝසා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.