vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට

Ultra large 5000mAH බැටරිය සමඟ 8GB + 128GB of RAM & ROM

කොළඹ දී, ජූලි 03, 2020 – නවීනතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid range ස්මාර්ට් ජංගම දුරකතනය වන Y50 දුරකතනය ජූලි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී.

ඉතා දිගු බැටරි ආයු කාලයක් සහ උසස්ම තත්වයේ කැමරා සැකසුම් පහසුකම්වලින් සමන්විත මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් පුළුල් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කෙරේ. පසුගිය මාසයේ V19 හඳුන්වාදීමෙන් අනතුරුව මෙම Y50 හඳුන්වාදීම සිදු කෙරේ. vivo වෙතින් මෙලෙස හඳුන්වාදෙනු ලබන්නේ පැවති වසංගත තත්වයෙන් පසු මේ වසරේ ඔවුන් හඳුන්වාදෙන දෙවන ස්මාර්ට් ජංගම දුරකතනයයි.

ස්මාර්ට් ජංගම දුරකතනය හරහා වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවන් මෙම mid range ස්මාර්ට් දුරකතනය හරහා උසස් අන්දමින් සපුරාලනු ඇත.

මෙම නවීනතම ස්මාර්ට් දුරකතනයේ  iView තිරය, ultra large 5000mAh බැටරිය, අති විශිෂ්ට 8GB+128GB of RAM & ROM මගින්  Ultra speed and Ultra Style උපාංග මගින් ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත මෙම ස්මාර්ට් දුරකතනය vivo හි trendsetting designs හා ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ලබා දීමේ අපේක්ෂාවන් සනාථ කරයි.

තරුණ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් මනාව ගැළපෙන අන්දමින් ක්‍රියාකාරිත්වය සහ අලංකාරය හා පෙනුම සමබරව පවත්වාගනිමින් මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නවතම Vivo Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකතනය වන Y50, super wide-angle quad-camera setup 13MP primary camera, 8MP wide-angle lens cam-era, 2MP macro camera විශේෂාංග වලින් සමන්විතය. අලුතින්ම  හඳුන්වාදෙන intelligent Super Night විශේෂාංගය Y50 ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ලබා ගත හැකි අතර එමඟින් algorithm ස්වයං ක්‍රියාකාරිත්වය හරහා අඳුරු ආලෝකය යටතේ විකෘතිවීම් අවම කර ගැනීමටත් ලප සහිත භාවය අවම කර දීප්තිමත් භාවය වැඩි දියුණු කිරීමත් විශේෂ අඳුරු පැහැයක් සහිත ස්ථර ලබා දීමත් සිදු කෙරෙයි.

vivo ගැන

vivo යනු ස්මාර්ට් මොබයිල් නිෂ්පාදන සහ සේවා සපයන ජාත්‍යන්තර තාක්ෂණික සමාගමකි. ලොව පුරා විවිධ කලාපවල රටවල් 100ක පමණ vivo ව්‍යාප්තව පවතියි. මේ අනුව ප්‍රමුඛ ජාත්යන්තර වෙළෙඳපොළ 38 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ලොව පුරා නගර 1000කට අධික ප්‍රමාණයක පුරා vivo අලෙවි සැල් ක්‍රියාත්මක වෙයි. දෘඩාංග නිර්මාණය සහ නිෂ්පාදනය, මෘදුකාංග සංවර්ධනය (Funtouch OS ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය), ආදි තාක්ෂණික ක්‍රියා තුළින් තිරසර පැවැත්මක් නිර්මාණය කර ගැනීමට vivo සමත්ව සිටියි. වර්තමානය වන විට 20,000කට අධික මෙහෙයුම්කරුවන් පිරිසක් ඩොන්ග්ගුවාන් (Dongguan), ෂෙන්ෂෙන් (Shenzhen), නැන්ජින්ග්( Nanjing), චොන්ග්කින්ග් (Chongqing)  යන  ප්‍රදේශවල පිහිටි මූලස්ථානයන්හි සේවය කරමින් සිටියි. මීට අමතරව 3000කට අධික ඉංජිනේරුවරුන් පිරිසක් ඩොන්ග්වෑන් (Dongguan), ෂෙන්ෂෙන් (Shenzhen), නැන්ජිං (Nanjing), ෂැංහයි (Shanghai), බෙයිජිං ( Beijing), හංග්ෂු (Hangzhou), තායිපෙ (Taipei) සහ  සිලිකන්වැලි ( Silicon Valley), තෝකියෝ (Tokyo), හි පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරයි. vivo නිෂ්පාදන  ඩොන්ග්වෑන් (Dongguan),චොන්ග්කින් (Chongqing), ප්‍රාන්තවල මෙන්ම  ඉන්දුනීසියාව, ඉන්දියාව සහ බංග්ලාදේශය හි පිහිටි නිෂ්පාදන මධ්‍යස්ථාන 5ක දී නිෂ්පාදනය කෙරෙයි.

Leave A Reply

Your email address will not be published.