පොහොට්ටුවේ පරදින අපේක්ෂකයන්ට වැඩ වරදින ලකුණු

එළඹෙන මහ මැතිවරණයේ දී පරාජයට පත් වන පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

2015 අගෝස්තු 17 වනදා පැවති මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයන් පස්දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීමට එහි නායකයා වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය දැඩි විවේචනයට ලක් විය.

එස්. බී. දිසානායක, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා විජිත් විජයමුණිද සොයිසා යන මහත්වරුන් මෙසේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරුන් අතර සිටි අතර මෙවර මහ මැතිවරණයට විජිත් විජයමුණි ද සොයිසා මහතා හැර අන් හතරදෙනා ම පොදුජන පෙරමුණෙන් තරග වදී.

සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී ඉන්පසු සමඟි ජන බලවේගයට සම්බන්ධ වී එහි අපේක්ෂයෙකු ලෙස මෙවර මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදී.

Leave A Reply

Your email address will not be published.