ජපානයේ පෞද්ගලික ආයතනයක් ස්මාර්ට් මුඛ ආවරණක් හඳුන්වාදෙයි

නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා ස්මාර්ට් මුඛ ආවරණ හඳුන්වාදීමට ජපානයේ පෞද්ගලික ආයතනයක් ක්‍රියාකර තිබෙනවා.

මුඛ ආවරණයක් පැලඳ අන් අය සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී හඬ පැහැදිලිව ශ්‍රවණය නොවීමේ ගැටලුවක් පවතිනවා. නිපදවා ඇති මෙම නව මුඛ ආවරණය තුළින් පණිවුඩයක් භාෂා 8කට පරිවර්තනය කළ හැකිවීම විශේෂත්වයක්. එමෙන්ම බ්ලූටූත් ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකතනයකට හෝ ටැබ් පරිගණකයකට ද සම්බන්ධ කළ හැකියි. එමෙන්ම ප්‍රකාශ කරන දේ කෙටි පණිවුඩයක් ලෙසට යතුරු ලියනය කිරීමේ හැකියාව ද පවතිනවා. ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබාගැනීමට හා මුඛ ආවරණය පලඳින පුද්ගලයාගේ හඬ වෙනස් කිරීමට ද මෙමගින් හැකියාව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave A Reply

Your email address will not be published.