ICC සභාපති ධුරය භාරගන්න සුදානම් නැහැ – කුමාර් සංගක්කාර

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැය 09කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මිට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගියේය.

සිය ප්‍රකාශය ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත ගැන දැනට සිදුකරගෙන යන විමර්ශනවලින් පසු තහවුරු වෙනු ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය දැරීමට තමන් මේ මොහොතේ දී සුදානම් නොමැති බවයි. තමන් භාරගත් වගකීම් කොටසක් ඇති බව පැවසූ ඔහු එය සියල්ලට පෙර ඉටුකළ යුතු බව ද කියා සිටියහ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කොට තිබුණි.

Leave A Reply

Your email address will not be published.