සාක්ෂි අනුව තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වෙලා නෑ – විමර්ශන අවසන් කිරීමට තීරණය කරයි

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී පාවාදීමක් සිදුව ඇතැයි කියන සිද්ධිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, “මේ සියලු සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරග පවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් විමර්ශනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.“ යනුවෙනි.

එම විමර්ශන සම්බන්ධයෙන් වූ වාර්තාව වැඩබලන පොලිස්පති වෙත අද (03) දින ඉදිරිපත් කළ බව ද ඔහු පැවසීය.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී පාවාදීමක් සිදුව ඇතැයි හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මැයි මස 24 වන දින ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව විමර්ශන ආරම්භ වු බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මුලික වශයෙන් තරග පවාදීමක් සිදුවුයේ ද , එසේ සිදුවුවානම් එවැනි දෙයක් සිදුවුයේ ක්‍රීඩා බලධාරීන්ගේ අනුදැනුම මත යන්න පිළිබඳව මෙහිදී විමර්ශන කටයුතු සිදුකළ බවය.

එහිදී අනාවරණය වු තොරතුරු අනුව හා එම ප්‍රකාශ සටහන් කළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව මෙම විමර්ශන ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපක් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව එවකට තේරීම් කමිටුවේ සභාපතිව සිටි අරවින්ද ද සිල්වා, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර හා එම කණ්ඩායමට සහභාගී වු ක්‍රීඩකයෙක් ලෙස උපුල් තරංගගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.