කොදෙව් සුපිරි පිතිකරු ශ්‍රීමත් එවර්ටන් වීක්ස්ගේ ජීවන ඉනිම අවසන්

බටහිර ඉන්දීය කොදෙව්හි හිටපු සුපිරි පිතිකරුවකු වන ශ්‍රීමත් එවර්ටන් වීක්ස් පෙරේදා (01 වැනිදා) අභාවප්‍රාප්ත වූ බව විදෙස් පුවත් වාර්තා කළේය. හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඔහු මියයන විට 95 වැනි වියේ පසුවිය.

බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් ටෙස්ට් තරග 48කට සහභාගි වී තබෙන වීක්ස් ලකුණු 4445ක් රැස්කරගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 58.61 ක් වශයෙන් දැක්වේ.

ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ටෙස්ට් ඉනිම් පහකදී ශතක රැස්කළ ලොව එකම පිතිකරුවා වන්නේද ශ්‍රීමත් එවර්ටන් වීක්ස් වීම සුවිශේෂී කාරණයකි.

1948 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් වීක්ස් 1958 වසරේදී ක්‍රිකට් පිටියට සමුදුන් අතර 1995 වසරේදී ඔහුට නයිට් පදවියක් හිමි විය.

Leave A Reply

Your email address will not be published.