නිරෝධායන නීති කැඩූ විවාහ උත්සවයෙන් 16දෙනෙකුට කොරෝනා වැලඳිලා

මනමාලයාගේ පවුලට ඉන්දීය රජයෙන් ලක්ෂ 12ක දඩයක්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ පවුලකට ඉන්දීය රජයේ බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 06ක දඩයක් පනවා තිබෙනවා.

ඉන්දියාවේ, රාජස්ථාන්හි දී පැවති මෙම විවාහ උත්සවයට සහභාගිවූ පුද්ගලයන් 16දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වූ අතර එයින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15දෙනාට ප්‍රතිකාර කිරීමට සහ නිරෝධායනයට යොමු කළ පුද්ගලයන් 58දෙනෙකු වෙනුවෙන් සිදුකළ PCR පරීක්ෂණ ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් ලෙස රුපියල් 626,000ක මුදලක් මනමාලයාගේ පාර්ශ්වයෙන් අය කර ගැනීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

රාජස්ථානයේ බිල්වාරාහි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් සිය පුත්‍රයාගේ විවාහ උත්සවය සඳහා පැමිණි සියලුදෙනාට මුඛ ආවරණ, විෂබිජ හරණ දියර ලබාදීමටත් සමාජ දුර්ස්ථභාවයෙන් යුතුව විවාහයට සහභාගිවීමට අවශ්‍ය සියලුදේ සුදානම් කොට තිබූ බවයි වාර්තා වන්නේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජය විවාහ උත්සවයක් සඳහා සහභාගිවිය හැකි උපරීම අමුත්තන් සංඛ්‍යාව 50ක් ලෙස සිමා කර තිබිය දී මෙම විවාහය සඳහා දහසකට අධික අමුත්තන් පිරිසක් සහභාගිවී ඇත.

වසංගත රෝග පාලනය සඳහා පනවා ඇති නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මනමාලයාගේ පවුලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට රජයේ බලධාරීන් පියවර ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.