සේනාධිපතිට සමස්ත විපක්ෂයේ ම විරෝධය

එළඹෙන මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ පරාජය කිරීම ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ඒ සඳහා තමන් රුපියල් මිලියන 50ක් වියදම් කරන බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කර තිබෙන ප්‍රකාශයට සමස්ත විපක්ෂයේ ම දැඩි විරෝධය එල්ල වී තිබේ.

ජවිපෙට අමතරව එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ද සේනාධිපති මහතාගේ එම ප්‍රකාශය හෙළාදකිමින් මත ප්‍රකාශ කර තිබේ.

ජවිපෙ පරාජය කිරීමට රුපියල් මිලියන 50ක් වියදම් කරන්නේ නම් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට සේනාධිපති මහතා කෝටි කීයක් වියදම් කරන්නේ දැයි විපක්ෂය ප්‍රශ්න කරයි.

එළඹෙන මහ මැතිවරණයේ දී ජවිපෙට එක ආසනයක්වත් ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පරාජය කොට ගෙදර යවන බවට සේනාධිපති මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.

Leave A Reply

Your email address will not be published.