ලයනල් මෙසී සිය වෘත්තීය දිවියේ 700 වැනි ගෝලය වාර්තා කරයි

‘ලා ලිගා‘ පාපන්දු ලීගයේ ඇට්ලිටිකෝ මැඩ්රිඩ් සමඟ බාසිලෝනා අතර පැවති තරගයේ දී දඬුවම් පහරකින් ලද ගෝලයක් සමගින් සිය වෘත්තීය දිවියේ 700 වැනි ගෝලය වාර්තා කරන්නට ලයනල් මෙසී පෙරේදා (30 වැනිදා) සමත් වූයේය.

මෙම ගෝලය බාසිලෝනා පිල 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටිය ද අවසානයේ ඇට්ලිටිකෝ ක්‍රීඩා සමාජය විසින් ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයෙන් තරගය අවසන් කරන ලදී.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයා ද වන මෙසී 2019 වසරේදී ‘බැලන් ඩී ඕර්‘ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

Leave A Reply

Your email address will not be published.