අපරාධ ඉහළ ගියොත් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි – ආරක්ෂක ලේකම්

තම බල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඔහු පවසන්නේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂාකර ගැනිමට පොලිස් නිලධාරින් වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඒ සඳහා සිය රාජකාරි කටයුතු නිවැරදිව ඉටුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

නිලධාරීන් බොහොමයක් නිවැරදිව සිය රාජකාරි සිදුකරන නමුත් ඇතැම් පිරිස් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලීසියට පැමිණිලි කළ ද එයින් ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කරමින් මහජනතාවගෙන් තමන්ට ලිපි ලැබෙන බවත් එවැන්නක් සිදු වන්නේ නම් එවැනි නිලධාරීන්ගෙන් වැඩක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.