කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බවට ජනපති සහතික වෙයි

කලාකරුවන් දේශීය ආර්ථිකයට බද්ධ කර රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කරගැනීම සිදුවුණා. එමගින් සෑම මට්ටමකම කලාකරුවන්ට සිය නිර්මාණ දායකත්වය ලබාදීමට හැකි වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් මඟහැරුණු අවස්ථා යළි ඇති කිරිමයි අරමුණ.

9 ශ්‍රේණියේ දී නතර කෙරෙන සෞන්දර්ය විෂය අධ්‍යයනය සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට ඉගැන්වීමේ අවශ්‍යතාව මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවේදී. එම යෝජනාව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් වූ කාර්ය සාදක බලකායට ඉදිරිපත් කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේ.

දෙස් විදෙස් ලෙස නිර්මාණකරුවන්ට හිමි කතෘභාගය නොලැබීමට හේතු වූ කරුණු ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබෙනවා.

විදේශීය වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන විස්සකට අධික ප‍්‍රමාණයක් රටට අහිමි වී තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණය කෙරෙන ගීත සදහා කතෘභාගය නොලැබීම ගැන ද කලාකරුවන් ජනාදිපතිතුමා දැනුවත් කළා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමෙන් කි‍්‍රයාකර නිර්මාණකරුවාගේ අයිතිය රැකගැනීමට සහාය වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

       

Leave A Reply

Your email address will not be published.