විභාග දින ගැන තීරණය ලබන සතියේ

පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිතය.

අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී දරුවන්ට විභාගයට සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව ලබන සතිය තුළ විභාග දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

සෞඛ්‍ය නිර්දේශ අනුව පෙර පාසල් හා 1 , 2 ශ්‍රේණිවල දරුවන්ට මුඛ ආවරණ පැළඳීම අසීරු වන බැවින් දරුවන්ගේ ජීවිත පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින්,  සියලු පාසල් අගෝස්තු 10 වන දින ආරම්භ කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දරුවන්ගේ ජීවිත පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් එනිසා දරුවන්ට සම්බන්ධ කිසිදු තීරණයක් ආවේගශීලිව නොගත යුතු බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.