වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලා ජූලි මස 15 වන දින සිට විවෘත කරනු ලබයි.
රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් සියයට 50ක් සඳහා වන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කරවීමේ සීමාවට යටත්ව මෙම අවසරය ලබා දී ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ නාලක කලුවැව මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ.