ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව ගැන තරංගගෙනුත් ප්‍රකාශයක් ගනී

ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

ඔහු අද (01) උදෑසන 10.15ට පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි ඇත.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංගගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

මේ අතර හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ (30) පස්වරුවේ එම ඒකකයට ගොස්  පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.

Leave A Reply

Your email address will not be published.