අපි ආවට ගියාට පොරොන්දු දෙන්නේ නෑ – සජිත්

එළඹෙන මහ මැතිවරණය ජයග්‍රාහණය කර පැය 24ක් ගතවිමට පෙර තෙල් මිල පහළ දමන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාම මහතා පැවසීය.

ඔහු පවසන්නේ මැතිවරණ සමයේ තමන් ලබාදෙන සියලු පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බවය.

නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

තෙල් මිල පහළ දැමීමට ආර්ථික පසුබිමක් තිබෙන බවත් එයින් ජනතාව අතර මුදල් ඉතුරුවීම හා වැඩි ආයෝජනයක් සිදුවීම බව ඔහු පෙන්වා දුනි.

තමන් කිසි විටෙක ඉටුකළ නොහැකි පොරොන්දු ලබා නොදෙන බවත් ජනතාවට කැමති නම් සිය පොරොන්දු පිළිගත හැකි බවත් එසෙත් නොමැති නම් එය ප්‍රතික්ෂේප කළ හැකි බවත් ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.