කොරෝනා ආසාදිතයන් ගණන 2042ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 2042ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයන් 05දෙනෙකු හඳුනාගැනීමත් සමග ය.

ඔවුන් අතර බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට මෙරටට පැමිණි අය ද වේ.

මේ අතර කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 1678කි.

ඒ, ඊයේ තවත් 17ක් සුවය ලැබීමත් සමග ය.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 353දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

Leave A Reply

Your email address will not be published.