Wedding Pre-Shoot කරන්න ගිය යුවලක් සේරඇල්ලට ඇදවැටෙයි : තරුණයා අතුරුදන්

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ලබාගැනීමට ගිය විවාහවීමට සිටි යුවලක් සේර ඇල්ලට ඇද වැටී තරුණයා අතුරුදන්ව තිබේ.

තරුණිය තවත් පිරිසක් විසින් ඊයේ (28) දින පස්වරුවේ බේරා ගෙන ඇතැයි ලග්ගල පොලීසිය සඳහන් කරයි.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බව ලග්ගල පොලීසිය පවසයි.

එළැඹෙන මාසේ විවාහ වීමට නියමිතව සිට ඇති මෙම යුවළ සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල ප්‍රදේශයේ සිට ලග්ගල රිවස්ටන්, නකල්ස් ආදී ප්‍රදේශවල ඡායාරූප ගත කිරීම් සඳහා පැමිණ තිබේ.

පසුව රිවස්ටන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරින් පිහිටි ඉලුක්කුබුර සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ගැනීමට යෑමේ දී එක්වරම පය ලිස්සා තරුණයා සහ තරුණිය ජලයට ඇද වැටී තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි අයෙකු විසින් තරුණිය සේර ඇල්ලෙන් ගොඩගෙන ඇත.

එහෙත් අතුරදන් වු තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය පවසයි.

මෙම අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් අංශයට දැනුම් දුන් බව ලග්ගල පොලීසිය කියයි.

Leave A Reply

Your email address will not be published.