කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට ප්‍රබල ජනවරමක් අවශ්‍යයි – අගමැති

යහපාලනයට සම්බන්ධ පිරිස් ඇතුළු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට නම් තමන්ට ඉතාමත් ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණය පරාජය කරමු.“ යන මැයෙන් විශේෂ දේශනයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ බවට සැක කෙරෙන සන්නද්ධ හමුදාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් නඩු පවරණ ලෙසට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් බටහිර රටවලට ඉල්ලීම් සිදු කර ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

2019 වසරේ ජනාපතිවරණය යහපාලනය ජයගත්තේ නම් මෙම සියලු ම ඉල්ලීම් මේ වන විට ඉටු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.