පෘථිවියෙන් එපිට ග්‍රහලෝකවල ඇති ජීවින් සොයා යන “කෘත්‍රිම බුද්ධිය” නාසා ආයතනය එළිදක්වයි

අඟහරු ඇතුළු වෙනත් ග්‍රහලෝක වල පුරාණ ජීවයේ සාක්ෂි සොයා යාම සඳහා කෘත්‍රිම බුද්ධිය උපකාර කරගත හැකි අයුරින් එය වැඩිදියුණු කිරීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා.

2022/23 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අඟහරු ගවේෂණ අභ්‍යවකාශ වැඩසටහන සඳහා යොදාගැනීමට නියමිත ” ExoMars” රෝවරයට ඉතිහාසයේ පළමු වතාවට මෙම කෘත්‍රිම බුද්ධිය ඇතුළත් නව සංඥා පද්ධතිය සවි කිරිමට නියමිතය.

අඟහරු ග්‍රහයාගේ තිබෙන පුරාණ ජීවීන්ගේ තොරතුරු ඇතුළු එහි තිබෙන දේ සම්බන්ධයෙන් වන තොරතුරු විශ්ලේෂණය කොට එය පෘථිවියට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම රෝවරයේ සවිකොට ඇති මෙම කෘතීම බුද්ධිය හරහා සිදුකිරිමට නියමිතය.

මෙම පද්ධතිය අඟහරු ග්‍රහයාගේ මත අත්හදා බැලීම සිදුකළත් ඉදිරියේදී එය බොහෝ දුරින් පිහිටි බ්‍රහස්පති, ජුපිටර් වැනි ග්‍රහයන් සහ එහි උප ග්‍රහයින්ගේ තොරතුරු සොයා යෑමේ මෙහෙයුම් සඳහා යොදාගැනීමට සැලසුම් කොට ඇත.

නාසා ආයතනය විසින් වැඩි දියුණු කරන ලද එම කෘතීම බුද්ධිය ඇතුළත් වැඩසටහන Goldschmidt හි පැවති භූ රසායන විද්‍යා සමුළුවට ඉදිරිපත් කරමින් නාසා ආයතනයේ ප්‍රධාන පර්යේෂක Victoria Da Poian ප්‍රකාශ කර සිටියේ මෙය ” අභ්‍යවකාශ ගවේෂණයේ දුරදර්ශි පියවරක්” බවයි.

මෙම ක්‍රමය සාර්ථක වුවහොත් ඉදිරියේ දී අධික වියදමක් දරිමින් අජටාකාශ ගාමින් යොදාගනිමින් සිදුකරන අභ්‍යවකාශ ගවේෂණවලට තිත තැබීමේ හැකියාව උදාවනු ඇති.

Leave A Reply

Your email address will not be published.