මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ට දඩුවම්

මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මාස 3ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම දුරස්ථභාවය තබාගැනීම ඇතුළු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු පැවසුවේය.

මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

Leave A Reply

Your email address will not be published.