අද අලුයම 5.30ට පමණ පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවලපිටියේ සම්පත් යන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය් සේනාරත්න පැවසුවේ.
මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.
පොලිස් වෙඩි පහරින් මියගිය මෙම පුද්ගලයා ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සමග වෙඩි හුවමාරුව සඳහා යොදා ගත් රිවෝල්වරය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.