විමල්ට අලුත් දොළදුකක් ඇතිවෙයි.. ජනතාවගෙන් උදව් ඉල්ලයි..

තමන්ට දේශපාලන වශයෙන් දොළදුකක් වැලඳී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍ර‍්‍රික්කයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් තරග වදින බවත් ඔවුන් දෙදෙනාට ම වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ ආශාවක් තමන්ට ඇතිව තිබෙන බවත් ඔහු පැවසීය.

එම දොළදුක සංසිඳවීම තමන්ට තනිවම කළ හැක්කක් නොවන බවත්, එය සංසිඳවීම ජනතාව විසින් කළ යුතු බවත් එය සංසිඳවුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය රටටම බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහමැතිවරණය වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.