මං අගමැති වූ පසු රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. – සජිත්

එළඹෙන මහ මැතිවරණයෙන් තමන් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ පසු රටපුරා පිහිටි සෑම ග්‍රාමසේවා වසමකට ම අග්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මැතිවරණය ජයගත් පසු පොළොවට පය ගසා ජනතාව අතරට පැමිණ ජනතා ප්‍රශ්න විසඳන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොළඹ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

උතුරු කොළඹ ප්‍රදේශයේ මේ වන තෙක් ජාතික පාසලක් නැති බවද කී ඔහු තමන් අගමැති වූ පසු ජාතික පාසල් දෙකක්ම උතුරු කොළඹට ස්ථාපිත කරන බව ද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.