එළඹෙන අගෝස්තු පස්වන දා මැතිවරණයෙන් දිනා ආණ්ඩුවක් පිහිටවා පැය 24ක් ඉක්ම යන්නට පෙර මෙරට ඉන්ධන මිල අඩු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ලෝකයේ බොරතෙල් මිල බොහෝ පහළ බැස තිබියදී ශ්‍රී ලංකාවේ තෙල් මිල අඩු නොකරන්නේ ආණ්ඩුවේ කුහක කම නිසා බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මෝදර ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.
එමෙන්ම තමන් ආණ්ඩුවක් පිහිටු වූ පසු නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල ලබා දෙන්නේ දුප්පත් ජනතාවට පමණක් බවත් පොහොසතුන්ට එය ලබා නොදෙන බවත් ඔහු එහිදී පැවසීය.