කාදිනල් හිමියන් ගැන තමන්ට ද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති, සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.
නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බව ද ඔහු කියා සිටී.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් කිරීම සිදු නොකරන බව ද ඔහු පවසයි.
කෙසේ නමුත් අවශ්‍ය මොහොතේ දී සියලු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.