පූජ්‍ය පක්ෂයට ගරු කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම එජාපයේ ප්‍රතිපත්තියි – රනිල්

පූජ්‍ය පක්ෂයට ගරු කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ලබන සතිය වන විට මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට කටයුතු කරන බවය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඊයේ (24) පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

2020 මහ මැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන රවී කරුණානායක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.