ජේෂ්ඨ මාධ්‍යවේදි නඩරාජා සිවම් මහතා මියයයි

ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේදී .

මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසු වුණා.

ජේෂ්ඨ මාධ්‍යවේදි සින්නයියා නඩරාජසිවම් මහතා වඩාත් ප්‍රකට වූයේ රූපවාහිනියේ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන්වලට දායක වීමෙනි.
ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන්විදුලියේ දමිළ අංශයේ කටයුතුකර තිබෙන එතුමා විශේෂයෙන් දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වසර ගනනාවක් සේවය කොට තිබෙනවා.. 1998 වසරේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද එතුමා කටයුතුකොට තිබෙන අතර ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දයක් වුණා.

Leave A Reply

Your email address will not be published.