මංගලත් හරීන් සමග එක්වෙයි.. අගරදගුරුතුමන්ට අපහාස කිරීම පසසයි..

කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රකාශය අගය කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අදාළ සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමන්ගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.