LTTEයට ආයුධ දුන්නේ සජිත්ගේ තාත්තා.. සජිත්ට දැන් ඒක අමතක වෙලා..

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කරන පිරිස්වලට, එවකට හමුදා භට පිරිස් ඝාතනය කිරීම සඳහා ඔහුට අවි ලබාදුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් බව අමතක වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශක්තියක් වන පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තෝරා පත් කර ගත යුතු බව ය.

Leave A Reply

Your email address will not be published.