2011 ලෝක කුසලානයේ දී සිදුව ඇතැයි කියන පාවාදීම ගැන දිමුත්ගේ අදහස මෙන්න

2011 වසරේ ලෝක කුසලාන අවසන් තරගයේ දී යම්කිසි ආකාරයක පාවා දීමක් සිදුව ඇත්නම් එම පවතින සාක්ෂි නිසියාකාරව හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු සැසියෙන් අනතුරුව ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කණ්ඩායම් නායකයා කියා සිටියේ යම්කිසි හේතු සාධක නොමැතිව මෙවන් ප්‍රකාශ කිසිසේත් සිදුකළ නොහැකි බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිසුදු භාවය රැක ගැනීම සඳහා එම පවතින සාක්ෂි හෙළිදරව් කිරීම මිස එක් එක් අය හට ඇඟිලි දිගු කිරීම උචිත නොවන බවත් හෙතෙම කීය.

මෙම සිදුවීම සිදුවූ අවධියේ වර්තමාන කණ්ඩායම නියෝජනය කරන කිසිවකු හෝ නොසිටි බැවින් ඒ සම්බන්ධයෙන් තමාට හෝ කණ්ඩායමට කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ තමාට අවශ්‍ය නොමැති බවත්, කණ්ඩායම් මානසිකත්වය ඉතා හොඳ මට්ටමින් පවතින බවත් දිමුත් කරුණාරත්න පැවසීය.

Leave A Reply

Your email address will not be published.