ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 9,551,992දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,192,385ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 485,433ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ

ඊයේ (24) දිනය තුළදී වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ගතවූ පැය 24ට වාර්තා වූ ආසාදිතයන් හතළිස් දහස් නවසිය අනූපහ දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ද වනවා. අමෙරිකාවට පසු වෛරසයෙන් වැඩිම හානියට පත්වූ රට ලෙසයි බ්‍රසීලය සැලකෙන්නේ.

වෛරසයට එරෙහි නවතම එන්නත මනුෂ්‍යයන් යොදාගැනීමට අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබෙනවා. එළඹෙන සති කිහිපය තුළදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් තුන්සියදෙනෙකුට මෙම ප්‍රතිවෛරසය එන්නත් කිරීමට නියමිතයි.

සතුන් යොදාගනිමින් සිදුකළ පරික්ෂණවල දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට මෙම එන්නත සමත් වූ බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයන් පවසන්නේ. මේ වන විට කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 120ක් පමණ පරික්ෂණ මට්ටමේ පවතිනවා.

Leave A Reply

Your email address will not be published.