තවත් කොටි දෙදෙනෙකු මද්දකට හසුවෙයි – එක් කොටියෙකු මිය යයි

නුවරඑළිය, හෙල්බඩ වතු යායේ දී කොටි දෙදෙනෙකු මද්දකට හසුවී තිබෙනවා.

එහිදී එක් කොටියෙකු මියගොස් ඇති අතර අනෙක් කොටියාගේ දිවි බේරාගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වූයේ. මෙලෙස මියගොස් ඇත්තේ කොටි ධේනුවක්.

බේරාගෙන ඇත්තේ කොටි ධේනුවගේ පැටවා බවටයි වනජීවි නිලධාරීන් පවසන්නේ. ඉකුත් සමයේ මෙලෙස විවිධ පුද්ගලයින් විසින් ඇටවූ මදුවලට හසුවී කොටින් මියයාමේ සිද්ධීන් රැසක් වාර්තා වුණා.

ඒ පිළිබද දැඩි කතාබහක් ඇති වූයේ දුර්ලභ ගණයේ කළු කොටියෙකු ඉකුත්දා ලක්‍ෂපාන වතු යායක දී මද්දකට හසුවී මියයාමත් සමගයි.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.