ලොව අංක එකේ ටෙනිස් ශුරයා ඇතුළු ක්‍රීඩකයන් 04දෙනෙකුට කොරෝනා..

ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක දී වෛරසය ව්‍යාප්ත වෙලා..

ලොව අංක එකේ ටෙනිස් ශුරයා වන  Novak Djokovic හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම ක්‍රීඩකයාට අමතරව ඔහුගේ බිරිඳට ද වෛරසය ආසාදනය වි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයා විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනාත්මක ටෙනිස්  තරගාවලියක් ක්‍රෝඒෂියාවේ, බල්කාන්ස් හි දී පවත්වනු ලැබූ අතර එයට සහභාගිවූ ලොව සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයන් වන Grigor Dimitrov, Borna Coric සහ Viktor Troicki හට ද වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දින 02ක කාලය තුළ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවල දී සනාථ වී තිබුණා.

මෙම තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයන්ට ඇතිවූ අසනීප තත්ත්වයන් හේතුවෙන් තරගාවලිය අතර මැදදී අත්හිටුවීමට සංවිධායක මණ්ඩලය පියවර ගනු ලැබුවා.

මෙම තරගාවලිය සඳහා සහභාගිවූ සෙසු ක්‍රීඩකයන්, ඔවුන්ගේ සහයක කණ්ඩායම්, තරග නිලධාරින් ඇතුළු විශාල පිරිසකට ඒ අනුව කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරිමට සිදුව ඇත. මෙම ක්‍රීඩකයින් ඇතුළු පිරිස් පසුගිය කාල සීමාවේ දී සමාජ ශාලා තුළ විනෝදවන අයුරු රැගත් ජයාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඇතිවී තිබෙන පසුබිම මත මෙම ක්‍රීඩකයින් ගෙන් භාහිර සමාජයට ද වෛරසය ව්‍යාප්ත වුවාද යන්න සැකයක් මේ වන විට මතුවී ඇති අතර මෙවැනි වසංගත තත්ත්වයක් මධ්‍යයේ මෙම තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් Novak Djokovic හට විවෙච්නයන් ද එල්ල වෙමින් පවතිනවා.

නව කොරෝනා වෛරසයෙන් පසු ක්‍රීඩා තරග ඇරඹීමට ලොවපුරා රටවල් බලා සිටින මොහොතේ දී මතුවූ මෙම තත්ත්වය හේතුවෙන් වෛරසය සමග ක්‍රීඩාවන් යථාවත් කිරීමේ දැඩි ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කරන්නේ.

Leave A Reply

Your email address will not be published.