දේශපාලනඥයන් ක්‍රිකට් ක්‍රීඩාව විහිළුවකට අරගෙන – රොෂාන් මහානාම

මෙරට දේශපාලනඥයන් ක්‍රිකට් ක්‍රීඩාව විහිළුවකට ගෙන තිබෙන බවත් ඒ පිළිබඳව තැකීමක් නොකොට අනාගත පරම්පරාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව සුරක්ෂිත බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු වන රොෂාන් මහානාම මහතා පවසයි.

ජය පරාජය විදා ගැනීම ක්‍රීඩාවේ මූලික සිද්ධාන්තයක් වුවද කිසිදු ක්‍රීඩකයකු පරදින්න ක්‍රීඩා නොකරන බවද ඔහු පෙන්වා දෙයි.

ජයග්‍රහණය සෑම ක්‍රීඩකයෙකුගේම පෞරුෂ වර්ධනයට ප්‍රබල ලෙස බලපාන බව ද ඔහු අවධාරණය කරයි.

1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද වූ රොෂාන් මහානාම මහතා මෙම අදහස් පළකර තිබුණේ ඔලිම්පික් සම්බන්ධයෙන් වූ උත්සවයක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.