පැය 12ක් තුළ මෙරට PCR පරීක්ෂණ 500ක් කළ හැකි රාසායනාගාරයක් විවෘත කරයි

පැය 12ක් තුළ PCR පරීක්ෂණ 500ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරයක් අද (24) විවෘත වනවා.

ඒ, මුල්ලේරියාව රෝහල් පරිශ‍්‍රයේදීයි.

මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම රසායනාගාරය ඉදිකිරීමට හැකි වූ බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය පි‍්‍රයන්ත කරුණාරත්න  කියා සිටියේ.

මෙහි විශේෂත්වය වන්නේ රසායනාගාරයේ පද්ධතිය තුළ එක් වටයක දී පැය 02ක් වැනි කෙටි කාලයක් තුළ සාම්පල 96 ක් විශ්ලේෂණය කර පැය 04ක් තුළ දී වාර්තා නිකුත් කිරීමේ හැකියාවක් පැවතීමයි.

ඒ අනුව දැනට සාම්පල් ලබාගැනීමෙන් පසු වාර්තා නිකුත් කිරීම දක්වා කාලය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.