වෙනස්ම ආරක මැතිවරණ ප්‍රචාරක ගීතයක් නාමල් රාජපක්ෂගෙන්

2020 මහා මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කරන නාමල් රාජපක්ෂ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ තේමා  ගීතය අද නිකුත් කළා.  එය සමාජය තුළ කතා බහට ලක්වන ගීතයක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.  එයට විශේෂතම හේතුව වන්නේ එය වෙනස් ම ආකාරයක ගීතයක් වීමයි.

සම්ප්‍රදායික දේශපාලන ප්‍රචාරණ ගීත රාමුවෙන් ඉවත්ව ඇති ඔහු දේශපාලන ප්‍රචාරණයට නව හැඩයක් එක් කොට තිබෙනවා. ගීතයේ රිද්මය, වචන, රුප රාමු සියල්ලක්ම ඉතාමත් සංවේදී සහ කලාත්මක භාවිතයක් තුල තිබෙන අයුරු දැක ගන්නට පුළුවන්.

සමාජ මාධ්‍ය තුල අද ජනගත කෙරුණු මේ ගීතය පිළිබඳව මේ වන විටත් සමාජයේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියෝජනය කරන දේශපාලන කඳවුරෙන් පිට අනෙකුත් දේශපාලන මතධාරීන් පවා මේ ගීතය අගය කිරීම විශේෂත්වයක්. බොහෝ දෙනා පවසන්නේ මෙය සමාජවාදී මතයන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් විසින් නිර්මාණය කල යුතු ගීතයක් බවයි.

දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ මෙවන් ගීතයක් මැතිවරණ ප්‍රචාරණ තේමා ගීතය බවට තෝරා ගැනීම තුල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන පරිණත බව විදහා දැක්වෙන බවයි.

Leave A Reply

Your email address will not be published.