මහමැතිවරණය අවසන් වූ විගස පළාත් සභා ඡන්දය තියන්න අගමැති මහින්ද සූදානමින්

පසුගිය පාලකයන් දිගින් දිගටම කල් තැබූ පළාත් සභා මැතිවරණය, මහ මැතිවරණය අවසන් වූ වහාම පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පොතුහැර ප්‍රදේශයේ පැවැත්වූ ජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී එක්සත් ජාතික පක්ෂය තම හිතවතුන්ට කොන්ත්‍රාත් ලබාදීම හේතුවෙන් සංවර්ධන කටයුතු නිසිලෙස සිදු නොවූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉදිරි රජයක් තුළ විනාශවී ගිය දේපොලවලට පමණක් නොව ආර්ථික වටිනාකමක් සහිත වගාවන් සදහා ද වන්දි ලබාදෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ.

Leave A Reply

Your email address will not be published.