අපි භාරදුන්නේ සරුසාර ආර්ථිකයක්.. මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කළා.. – කිරිඇල්ල

නව රජය පත් වූ විගස සිදුකළ එකම කාර්යය හිතවත් ව්‍යපාරිකයන්ට බදුසහන ලබාදීම පමණක් යැයි සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජය එසේ කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලගණන් අධික ලෙස ඉහළ දමා ජනතාව පීඩාවට පත්කොට ඇති බවයි.

රජය භාරදෙන විට කිසිදු මූල්‍ය අර්බුදයක් නොතිබුණ බවත් මොවුන් බලයට පැමිණි විගස හිතවත් ව්‍යාපාරිකයන්ට ලබාදුන් බදු සහන හරහා රජයට ලැබියයුතු ආදායම් අහිමි වී ගිය බව ද හිටපු මන්ති‍්‍රවරයා මෙහිදි ප‍්‍රකාශ කළේය.

මෙවැනි අදූරදර්ශි කි‍්‍රයාකරමින් නිලධාරින්ට බැනවැදීම විහිලූ සහගත කි‍්‍රයාවක් බවද කිරිඇල්ල මහතා පැවසීය.

සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ සිදුකරන පළමු කාර්යය වන්නේ ජනතාවගේ ජීවන බර අඩුකොට සහන සැලසීම බවත් 2015 යහපාලන රජයේ සිදුකළා සේම අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල පාලනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

Leave A Reply

Your email address will not be published.